Cryptocurrency කියන්නෙ කවුරුත් ටිකක් විතර බය ඒත් පට්ටම ආස රසවත් මාතෘකාවක්. ඇත්තටම cryptocurrency කියන්නේ මොනවාද?  කොහොමද මේවා හැදෙන්නේ කියන ටික මේ ලිපියෙන් ලියන්න බලාපොරොත්තු වෙනව.


ඇත්තටම cryptocurrency කියන්නේ මොනවද. Cryptocurrency හැදුනෙ මුලින්ම විවිධ විද්‍යාත්මක පරීක්ෂණ පදනම් කරගෙන කිව්වොත් ඔයාල පුදුම වේවි. ලෝකෙ විද්‍යාව කොච්චර දියුණු උනත් සමහර පරීක්ෂණ කරද්දි විශාල ගණනය කිරීම් සෙට් වෙනව. මේවා කරන්න අනිවා සුපිරි පරිගණකයක පිහිට පතන්න වෙනවා. ඒත් ඉතිං සුපිරි පරිගණකයක් මේ වගේ පරීක්ෂණයකට හදන එක පට්ට පාඩුයි. ඒම උනාම සුපිරි පරිගණකයක් කුලියට ගන්න වෙනවා ඒත් ඉතිං එතනත් ප්‍රශ්ණ. සුපිරි පරිගණකයක් කුලියට ගත්තත් ඉතිං මේ ගැටලු ලේසියෙන් විසදන්න මාර කාලයක් ගත වෙනව. ඒක නිසා විද්‍යාඥයින් මරු ප්ලෑනක් ගහනවා. මේ ගැටලු විසඳන්න සාමාන්‍ය පරිගණක දහස් ගණනකට දුන්නොත් ඒක සුපිරි පරිගණකයට වඩා බලවත් වෙන බව ඔවුන්ට තේරුම් ගියා. ඊට පස්සේ ඉතිං මේකට ක්‍රමයක් කල්පනා කරා. මේ ගැටලු විසඳන්න ක්‍රමයක් හැදුවා. සාමාන්‍ය ජනතාවට මේ ගැටලු විසඳන ක්‍රමේට ඒ අයගෙ පෞද්ගලික පරිගණක සම්බන්ධ කරල මේ ගණිත ගැටලු විසඳන්න සහයෝගය දෙන්න පුලුවන්. ඒකට වෙනම software වගේම වෙනම ක්‍රම ගොඩක් හැදුවා. වෙබ් අඩවිත් හැදුවා. මේව හරහා සාමාන්‍ය පරිගණක සම්බන්ධ කරාට ගෙවීමක් කරන්නත් ඕනනේ ඒත් ඉතිං ඒකට ක්‍රමයක් කල්පනා කරා. ඔන්න එතනදී තමයි මේ cryptocurrency බිහිවෙන්නේ. මුලින්ම බිහිවුණු සාර්ථක ම cryptocurrency වර්ගය තමයි bitcoin කියන්නේ.

ගොඩක් අය හිතන් ඉන්නෙ මේ cryptocurrency කිව්වාම තියෙන්නේ bitcoin විතරයි කියල ඒත් ඉතිං මේ වගේ cryptocurrency වරිග ගොඩක් තියෙනවා. Bitcoin කියන්නේ එයින් එකක් විතරයි. Dashcoin , Litecoin , Bitcoin , Etherncoin මේවායින් ප්‍රසිද්ධ කීපයක්. මේ cryptocurrency මුලින්ම ආපු කාලෙ ලොකු ඉල්ලුමක් තිබ්බෙ නැති උනාට පස්සෙ හොඳ ඉල්ලුමක් ආපු බව දැං bitcoin එකක ගාන ඇහුවොත් ඔයාලට ම තේරේවි. (රු.2086096.91  ) කොහොම උනත් මේ සම්බන්ධ කරල තියෙන පරිගණක වලට ගෙවීම් කලේ මෙන්න මේ cryptocurrency ආශ්‍රයෙන් තමා. ඉතිං මේවා කිසිම විදිහකින් ස්පර්ශ කරන්න ඩොලර් වගෙ එලියට ආවෙ නෑ. කොහොම උනත් ඊට පස්සෙ ටික ටික මේ විදිහට මේ පරිගණක ජාලයට එකතු උනා. ගෙදර නිකං තිබ්බ පරිගණකය යොදවල කීයක් හරි හොයාගන්න එක ගොඩක් හොද දෙයක් නිසා මේක වේගයෙන් පැතිරෙන්ට උනා ඔන්න ඉතිං ඔක්කෝම වගේ වැඩේට බැහැල කොරන්ඩ ගත්ත. සමහර මිනිස්සු එයාලගෙ පරිගණක වල බලය වැඩි කරල උපයන ගාන වැඩි කරගන්න උත්සහ කොරා. විවිධ ක්‍රම ගොඩක් අත්හදා බැලුවා. මේ විදිහට වැඩේ නැගලම යන්න පටන් ගත්ත. ඒ අතරෙදි විවිධ සොයාගැනීම් කරනවා. CPU mining , GPI mining කියලා දෙකක් ඇති වෙනව. මේ දෙක මං mining ලිපියේදී පැහැදිලි කරන්නම්. ඉතිං කොහොම හරි මේකට ලොකු තරගකාරීත්වයක් ඇති වෙනව. අමුතු අමුතු තාලෙ වැඩ කෙරෙනවා. ඉතිං තරගකාරීත්වය වැඩි උනාට cryptocurrency උත්පාදනය වෙන ප්‍රමාණය අඩු නිසා මේවාගේ මිල ඉහල යනවා. මෙහෙම ඉහල යන බව සමහර අය දකිනවා. බැංකු වල සල්ලි පොලී වෙනවට වඩා හොදට මේව පොලී වෙනවා කියල තව කට්ටියක් දකිනවා. ඉතිං අරං දාගත්තොත් වටිනවා කියල හිතුන අය මේවා mine කරන්නේ නැතුව මිලදී ගන්නවා. ඔහොම ගිහිං මේව නහුතෙට නගිනවා. ඔන්න ඒ අතරතුර තව තව ජාති එනවා.කොහොමින් කොහොම හරි මේවා විකුණන සමාගමුත් ඇතිවෙනවා.ඒ වගේම mine කරගන්නත් වෙනම ක්‍රම ඇතිවෙනවා. විවිධ පරීක්ෂණ මුල් කරගෙන cryptocurrency වර්ග ගොඩක් බිහි වෙනවා. සාමාන්‍යයෙන් මුල් කාලෙ bitcoin එකක මිල රු 1000කටත් අඩුවෙන් තිබ්බත් පස්සෙ සෑහෙන ලොකු ගානකට එනවා(රු.2086096.91  ). ඊට පස්සෙ මෙන්න මේ cryptocurrency කියන මාතෘකාව කොටස් කීපයකට බෙදෙනවා. ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඒ තමයි,

1. Mining
2. Buying and Selling


මේ cryptocurrency වල තව විශේශත්වයක් තියෙනවා. ඒක තමා මේ cryptocurrency භාවිතා කරන්කොට මේක හුවමාරු කරන අයව කවුද කියල හොයාගන්න බෑ. ඉතිං මේ cryptocurrency වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ නරක දේවල් වලටයි විවිධ ආකාරයේ blackmart business වලට මුදල් ගෙවන්න පාවිච්චි වෙනවා. හැමෝම දන්නවා ඇති මුලු ලෝකයට ම වදයක් උන randsomware වගේ දේවල් වලට කප්පම් ලබාගත්තත් මේ cryptocurrency වර්ගයක් වන bitcoin හරහායි. ඒ වගේම dark web වලත් වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ මේ bitcoin .

මෙන්න මේ විදිහට තමයි මේ cryptocurrency වල ආරම්භය සිද්ධ වෙන්නෙ. මේ ලිපියේ ඉතිරි කොටස් ඉදිරියේදී පළ වීමට නියමිතයි. ඉදිරි ලිපි වල cryptocurrency mining , cryptocurrency buying and selling පිලිබඳව ලිපි ලියනු ලැබේ. මේ ලිපියේ සමහර කරුණු ඔබට වටහාගැනීමේ පහසුව තකා සරල කර ඇත.

පෝස්ට් එක ගැන ඔබේ අදහස මා අගයකරන්නෙමි.

මතු සම්බන්ධයි.
– මම Ranga Roxx (2018-01-12)