හොදයි මිට කලින් පොස්ට් එකක අපි ඩුබායි සංචාරයේ පලවෙනි දවස ගැන කතා කලා..මම කිව්වනේ ඩුබායි ගියපු අයටයි යන්න ආස අයටයි හැමෝටම ගිය වගේ දැනෙන්න තමා මේ ලිපි පෙළ ලියන්නේ. ඔයාලට උපරිම සවාරියේ අත්දැකීම ගන්න පුළුවන් වෙන්න එනිසා කලින් දවසේ විසත්රේ කියෙව්වේ නැත්තන් බලාගෙන ඉන්න එපා දැන්ම ගිහින් මෙතනින් කියවල එන්න එක
අද අපි යන්න හදන්නේ ඩුබායි සංචාරයේ දෙවෙනි දවසට.. අහ් ඉඉට කලින් මතක් කරන්න ඕනේ ඔයාල ඩුබායි යන්න හිතාගෙන ඉන්නවනම් Dubai metro system , යන්න ඕනා හොඳම තැන් හොයනවන්ම් අපිට mail එකක් දාන්න. ( gansiyabro@gamil.com )
1.mall of Emirates
දෙවෙනි දවසේ අපි යන්න හිතාගෙන ඉන්නේ, කලින් පොස්ට් එකේ කිව්වා වගේ Mall of Emirates එකට Mall Of Emirates කියන්නේ ඩුබායි නගරයේ තියෙන විශාල සාප්පු සංකීරණයක්.. ( මම හිතන්නේ මේක දෙවෙනි වෙන්නේ බුර්ජ් කලීෆා එකයට තියෙන dubai mall එකට විතරයි. මා වැරදිනම් නිවැරදි කරන්න ) මේ විශාල සංකීර්ණයේ එදා මෙදා ඔබ දකතියෙන ඕනෑම වර්ගයක් Brand එකක් හොයාගන්න් පුළුවන්.. මුලිකව තියෙන සාප්පු එක්ක රත්රන් සාප්පු, සපත්තු , ඇදුම් සාප්පු විශාල වශයෙන් දැකගන්න් පුළුවන්. මෙම සංකීරණයේ මැද්දේ ඇවිදගෙන යන්න පාරක්ද , පාර දෙපස සප්පුද පිහිටලා තියෙනවා
මේ තියෙන්නේ Mall of Emirates එකේ ඉදන් ගත්ත ෆොටෝ එකක්. ඔය පෙන්න තියෙන්නේ මැද ඇවිදගෙන යන්න තියෙන පාර.. පාර දෙපැත්තේ තම සාප්පු තියෙන්නේ..
Mall of Emirates එකේ එකතැනක් වහලය විශේෂ හැඩයක් ගන්නවා.. මම හිතන්නේ එක අරාබි අභාසය ලබගෙන් මෙහි නිර්මාණ කරුවන් නිර්මාණය කරන ලද්දක් බව. ඔයාලට හිතෙන දේත් comment එකකින් දන්න අමතක කරන්න එපා. මේ තියෙන්නේ මම ඒ කියපු වහලේ
මේ අපි ඔයාලත් එක්කරගෙන් කන්තරේක සවාරියේ ගියාට මේ සාප්පු සංකීර්ණයේ විශේෂ අංගයක් තියෙනවා. ඒ තමා හිම තියෙන කලාපය..(skii Dubai ලෙස මෙය නම් කරලා තියෙන්නේ ) -4 C ක උෂ්ණත්වයක් මේ Snow zone එක නිර්මාණය කරලා තියෙනවා.. මේ ස්ථානයට පැමිණියොත් skii කරන්න මෙන්ම Cable car අත්දැකීම උනත් ගන්න පුළුවන්
මේ zone එකට යන්න ticket එක ගත්තම හිම කබායක් එහෙම නොමිලේ ලැබෙනවා, ඒවා ගෙන්න ඕනේ නෑ..
2. Jumeirah Beach
අපි හවස ගියේ Jumeirah බීච් එකට.. මේ හරියට කියන්නේ JBR කියල එහෙමත් නැත්නම් Jumeirah Beach Residence.. ඩුබායි වල දියුණුව ඇතිවෙන්න මුලිකවම් හේතු වෙච්ච ප්රදේශයක් කියල තමා තියෙන්නේ Residence කැල්ල ඇවිත් තියෙන්නේ මේ හරිය ඉහල පැලැන්තියේ නිවාස සංකීර්ණ , හෝටල් වලින් පිරිලා තියෙන නිසා.. කොම උනත් ඔක්කොම උස බිල්ඩින් තමා තියෙන්නේ.. වැදගත්ම දේ තමා මේ area එක මුහුද වැලි වලින් පුරවල , එහෙමත් නැත්නම් මුහුද ගොඩ කරලා තමා හදල තියෙන්නේ.. මේ හරියේ බිල්ඩින් ඔක්කොටම වගේ ගාල තියෙන්නේ එකේම පාට. කොටින්ම මේ JBR ප්රදේශයේ පොළොවට ගල් අල්ලලා තියෙන්නේ පාරවල් වල
මේ බීච් එකේ නාන්න , ඒ වගේ sky diving වගේ පහසුකම් ලබා දිලතියෙනවා.. කොම උනත් මම sky diving කරන්න බය නිසා එකේ පොටෝස් ටිකක්නම් පෙන්නන්න විදිහක් නෑ හිහි එකට සමාවෙන්න..
මේ තියෙන්නේ jumeirah Beach එක
jumeirah beach එකේ එක තීරුව ඔය Slide Show එකේ පෙන්නනවා වගේ කඩ තීරුවක් තියෙනවා.. ඇතින් පෙන්නේ Dubai Flyer එක.. එකෙතාම වැඩ ඉවර කරලා නෑ..එනිසා ඒ ප්රදෙශයට් යන්න හැකියාව නෑ. මේ Flyer එක විතරක් වැඩ නිම කිරීමෙන් පසුව වසරකටමිලියන 3ක් සංචාරකයන් පිරිසක් ඇද ගනී කියා විස්වාස කරනවා ..
JBR එකේ වැදගත් කමක් තමා ඒ බිල්ඩින් සමුහයම යටින් සම්බන්දව පැවතීමයි. විස්වාස කරන්න බෑ නේද මෙච්චර බිලදින් ගොඩක් යටින් කොහොමද සම්බන්ද වෙලා තියෙන්නේ කියලා.
ඔය යටම තියෙන තීරුවෙන් තම සියල්ල සම්බන්ද වෙලා තියෙන්නේ.. කොටින්ම කිව්වොත් මේ JBR එක ඇතුලේ medical centers ඇතුළු සියලු පහසුකම් සලසා දීල තියෙනවා. දෙවෙනි දවස ඉවරවෙන්නේ මෙතනම තමා. එදා හවස අපි ඊට පස්සේ දවසේ Sight seeing bus එකේ tickets ගන්නවා..
ඊළඟ පොස්ට් එකේදී එහෙනම් ඩුබායි වල තුන්වෙනි දවස එක්කන් යන්නම්. මේ පොස්ට් එක රසවත් කියල හිතුන නම් , රසවින්ද නම් අපිට subscribe කරන්න.. ඒවගේම share කරලා යාලුවන්ටත් කියවන්න අවස්ථාවක් ලබා දෙන්න..මේ ඔක්කොම විස්තර ගෙන එන බලකොටුව page එකට Like එකක් දාන්නත් අමතක කරන්න එපා
ඊලග පොස්ට් එකෙන් හමුවෙමු එතකන් සුබ දවසක් !!