මම අද කතාකරන්නෙ ටිකක් වෙනස් මාතෘකාවක් ගැනයි. ඔයාගෙන් ඇහුවොත් ලෝකෙ මැද කොහෙද කියලා ඔයා ඕනිම තැනක් පෙන්වන්න පුලුවන්. මේ ලෝකෙ ගෝලයක් නිසා කේන්ද්‍රය හරහා ඕනම තැනක ඉදල සිදුරක් විදින්න පුලුවන්.මං අද කතා කරන්නෙ ලෝකෙ මැද ගැන නං නෙවෙයි. ඒක කෙසේ වෙතත් ලෝක ගෝලයේ කේන්ද්‍රය හරහා සිදුරක් විද්දොත් මොකද වෙන්නෙ? කියන මාතෘකාව ගැනයි. අපි පොඩි කාලෙ ඉදල හිතාගෙන ඉන්න දෙයක් තමයි ලෝකෙ එහෙමත් නැත්නම් ලෝක ගෝලයේ කේන්ද්‍රය හරහා සිදුරක් විද්දොත් ඒ සිදුර හරහා අනිත් පැත්තට යන්න බැරිද කියල. මේක ටිකක් රසවත් මාතෘකාවක්. අපි හිතමු ලෝක ගෝලය හරහා කොහොම හරි සිදුරක් විද්ද කියල. ගොඩක් අය කියයි මේ සිදුර හරහා පහසුවෙන් ලෝක ගෝලයේ එහා පැත්තට යන්න පුලුවන් කියල. ඒත් ඒක එහෙම වෙයිද ? ඒ ගැන කියන්න තමා මේ ලිපිය ලියන්නෙ. මං කතා කරන්න යන්නෙ මේ සිද්දියෙ ගුරුත්වාකර්ෂණය සම්බන්ධ කොටසයි. අනිත් ඔක්කොම පැත්තකින් තියලා ගුරුත්වාකර්ෂය සම්බන්ධ ටික කතා කරමු.


ඇත්තටම ගුරුත්වාකර්ෂය කියන්නේ ඕනම තැනකට නියතක් නෙවේ. අපේ පෘථිවි ගෝලය උඩත් හැම තැනක ම ගුරුත්වාකර්ෂය නියතක් නොවේ. මේ ගුරුත්වාකර්ෂය බලය ඕනෑම ස්කන්ධයන් දෙකක් අතර ඇතිවෙන්න පුලුවන්. කොටින් ම කිව්වොත් මිනිස්සු අතර පවා ඇතිවෙන්න පුලුවන්. ඉතිං කොහොම උනත් ඒ කාලෙ විද්‍යාඥයින් සෙට් එක මේ ඔක්කොම හොයල බලල හැදුවා සූත්තරයක් ගුරුත්වාකර්ෂයට. ගුරුත්වාකර්ෂය වෙනස් වන සාධක ගොඩක් තියෙනව. මුලින්ම බලමු ගුරුත්වාකර්ෂය සදහා වන සූත්‍රය. F=(GMm)/r^2 (r^2- r වල 2වෙනි බලය) r= අරය F = ගුරුත්වාකර්ෂණ බලය G= ගුරුත්වාකර්ෂණ නියතය. M,m=ගුරුත්වාකර්ෂණයට අදාළ වස්තූන් වල ස්කන්ධයන්. r=අරය (මේක තමා වැදගත් ම) ඉතිං කොහොම උනත් මේ සූත්‍රය ගත්තාම g සෙව්වාම පෘථිවියේ ගුරුත්වාකර්ෂය එනවා. ගොඩක් වෙලාවට මේක ඒකක ස්කන්ධයකට අර්ථ දක්වන නිසා එක m එකක් 1 වෙනව.කොහොම උනත් සූත්තරය ඔච්චරයි. ඕකෙං ඕනෑම ස්කන්ධය දෙකක් අතර ගුරුත්වාකර්ෂය ගේමක් නැතුව හොයන්න පුලුවන්. ඒත් මේ ගුරුත්වාකර්ෂය රදා පවතින සාධක තියෙනවා. ඒ තමයි m,M හා r^2. දැං හිතමු අපි පෘථිවිය මැදින් හිලක් විදදා කියල( කොහොම හරි විද්දොත් ) . මොකක් හරි ස්කන්ධයක් ඔය හිල මැදින් යනවා කියලා හිතමු. ඒ ස්කන්ධය කුහරය තුලට යනකොට ස්කන්ධයේ ගුරුත්වාකර්ෂණට බලපාන අරය හා පෘථිවි කබලේ ස්කන්ධය අඩු වෙනවා. ඇත්තටම කිව්වොත් ඔය අරය අඩු වෙන කතාව පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. මොකද පෘථිවි කේන්ද්‍රයේ ඉදල තියෙන දුර තමයි අපි ඉස්සෙල්ලා r කියල ගත්තේ. ඒත් ඔය ස්කන්ධය වෙනස් වෙනව කියන එක බලපු ගමන් තෙරෙන්නෙ නෑ. ඇත්තටම කිව්වොත් ඒක අනුලනය හා අවකලන භාවිත කරල ඔප්පු කරන්නෙ. ඉතිං ඒක තේරුම් ගන්න අමාරු නිසා මං ඒක මේ ලිපියේදී සදහන් කරන්නේ නෑ. මේ සුලුකිරීම් කලොත් ඔප්පු පෙනවා දෙවෙනි වස්තුව හා අරය අතර තියෙන ස්කන්ධය තමා ගුරුත්වාකර්ෂයට බලපාන්නේ කියල. එතකොට පෘථිවි කේන්ද්‍රය දෙසට යනකොට ගුරුත්වාකර්ෂය කියන් දේ තව තව අඩු වෙනව. ඒ කියන්නෙ අර අත ඇරපු වස්තූව කේන්ද්‍රය දෙසට යනකොට ඒ වස්තුව මත යෙදෙන බලය එන්න එන්න ම අඩු වෙනවා. එතකොට පෘථිවි කේන්ද්‍රයේ දී එම වස්තුව මත බලය 0යි. ඒත් විභව ශක්තිය චාලක ශක්තිය බවට පත් වීම නිසා කේන්ද්‍රයේ දී වේගයක් තියෙනවා. මේකට හේතුව අපි භාවිතා කරන ශක්ති සංස්ථිතික නියමයයි. හොයාගෙන තියෙනවා මේ යාන්ත්‍රික ශක්ති ඔක්කෝම සංස්ථිතිකයි කියලා. ( උපකල්පන හා සීමා ටික වෙන දවසක බලමු). ඒ කියන්නේ මොකක් හරි වස්තුවක ගුරුත්වාකර්ෂණ විභව ශක්තියක් තියෙනවා නම් ඒක අඩු වෙද්දී ඒක වෙනත් ශක්තියකට පරිවර්තනය වෙන බව. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සොයාගැනීමට නම් E=mgh සූත්තරය පාවිච්චි කරන්න ඕන. මේකෙ h කියන්නේ කේන්ද්‍රයේ ඉදල උස, g ක් ඒ නිසා කේන්ද්‍රය පහු කරන්නෙ යම් වේගයකින්. ඒ වේගයෙන් ම කේන්ද්‍රය පහු කරගෙන ගියාට ඊට පස්සෙ වස්තුව මත බලයේ දිශාව වෙනස් වෙනවා.

ඩුබායි ගියා වගේ දැනෙන්න. මේ ලිපිය කියවන්න 

මොකද දැන් කේන්ද්‍රය තියෙන පැත්ත වෙනස් වෙන නිසා. ඔය විදිහට ඒ වස්තුව අනිත් පැත්තට යනකොට වේගය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙනව. පැති දෙකේම අරයනි සමාන නිසත් ශක්තිය හානි වීම නිසාත් ඉස්සෙල්ලා ආපු දුර තරම් යන්න අමාරුයි. ඒක නිසා කබොල ලගටම ඇවිත් නතර වෙනව. ඒත් ඉතිං නතර වෙන්නෙ ම නෑ. බලයේ දිශාව කේන්ද්‍රය දෙසට නිසා ආයෙත් කේන්ද්‍රය පැත්තට ත්වරණයෙන් යනවා. කොහොම හරි ඉතිං මේක උඩට පහලට යනවා කවදාවත් කුහරයේ එක පැත්තකට යන්න වෙන්නේ නෑ. ඕකට තමා සරල අනුවර්තී චලනය කියන්නෙ. එහෙට මෙහෙට වැනි වැනි තමා ඉන්න වෙන්නෙ. ආතල් නේ.
ලෝකෙ මැද්දෙන් හිලක් විදලා එහා පැත්තට යන්න ගියොත් ඔන්න ඕක තමයි වෙන්නේ. නඉතිං ඔහොම ගිහිල්ලා පෘථිවි කේන්ද්‍රය මැදට එනකොට වේගය උපරිම වෙනවා. ඔබ අහල ඇති පෘථිවි ගුරුත්වාකර්ෂය තියෙන්නේ පෘථිවි කේන්ද්‍රය දෙසට කියල. ඇත්තටම මේක ව්ද්‍යාත්මකව ඔප්පු කරල තියෙනවා. මේ කතාව පෘථිවි කේන්ද්‍රය ට යනකම්ම වලංගුයි. ඉතිං අපි සිදුරේ එක පැත්තක ඉදල අත හරින වස්තුව මත බලය කේන්ද්‍රය දෙසට තියෙන නිසා ත්වරණයෙන් කේන්ද්‍රය දෙසට යනවා. කේන්ද්‍රය පහු කලාට පස්සේත් බලය කේන්ද්‍රය දෙසට තියෙන නිසා බලයේ දිශාවේ පැත්ත මාරු වෙනව. එතකොට මෙච්චර වෙලා තිබිච්ච බලය අනිත් පැත්ත ගහනවා. එතකොට මේ වස්තුව යන පැත්තට විරුද්ධ පැත්තට බලයක් ඇති වෙනවා. එකත් එක්කම මේක මත විරුද්ධ බලයක් ක්‍රියාකිරීම නිසා මන්දනය වෙනව. (ඒ කියන්නේ වේගෙ අඩු වෙනව ) කොහොම කොහොම හරි අර මං කියපු ශක්ති සංස්ථිතික කතාව නිසා අනිත් පැත්තෙ කෙලවරට එන්න පුලුවන්. ඒත් ඉතිං එනනම් බෑ මොකද ශක්ති හානියක් කියල දෙයක් සිද්ධ වෙනවනෙ. ඒක නිසා අනිත් පැත්තෙ කෙලවර පෙනි පෙනී වස්තුවෙ ප්‍රවේගෙ 0 වෙනවා. දැං ආයෙ මේ පැත්තෙන් අතඇරියා වගේ ආයෙ අනිත්‍ පැත්තට ගිහිං එනවා. ශක්ති හානිය නිසා එන්න එන්නම යන දුර අඩු වෙනව. මෙහෙම මෙහෙම ගිහිං නිශ්චල වෙනකම්ම දෙපැත්තට පැද්දෙනව. මේකට තමා සරල අනුවර්තීය චලිතය කියන්නේ. ඔන්න ඉතිං පොඩි කාලෙ හිතාගෙන හිටියට ලෝකෙ මැදිං යන්න ගියොත් වෙන්නෙ ඕක තමා. දවස් ගානක් පැද්දී පැද්දී ඉදලා මැද නතර වෙනකං ඉන්න ඕන. ඊට පස්සේ හබක්. යමයයි. හොයාගෙන තියෙනවා මේ යාන්ත්‍රික ශක්ති ඔක්කෝම සංස්ථිතිකයි කියලා. ( උපකල්පන හා සීමා ටික වෙන දවසක බලමු). ඒ කියන්නේ මොකක් හරි වස්තුවක ගුරුත්වාකර්ෂණ විභව ශක්තියක් තියෙනවා නම් ඒක අඩු වෙද්දී ඒක වෙනත් ශක්තියකට පරිවර්තනය වෙන බව. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සොයාගැනීමට නම් E=mgh සූත්තරය පාවිච්චි කරන්න ඕන. මේකෙ h කියන්නේ කේන්ද්‍රයේ ඉදල උස, g කියන්නේ ගුරුත්වාකර්ෂය m කියන්නේ ස්කන්ධයට. ඉතිං මේ අත් අරින වස්තුව පහලට යන්කොට g,h අඩුවෙනවා. මේක නිසා විභව ශක්තිය අඩු වෙනවා. ඒ අඩු වෙන ශක්තිය සංස්ථිතික නිසා(නියත නිසා) පහලට යනකොට ඒ ශක්තිය චාලක ශක්තිය බවට පත් වෙලා වේගෙ වැඩි වෙනවා. මේ මුකුත් නැතුව ඕන කොනෙකුට තේරෙනවානේ උඩ ඉදං බිම වැටෙනකොට වේගෙ වැඩි වෙනවා කියල. ඒක තමා මෙතනදි සරලව ම වෙන්නෙ.  ඒ නිසා කේන්ද්‍රය පහු කරන්නෙ යම් වේගයකින්. ඒ වේගයෙන් ම කේන්ද්‍රය පහු කරගෙන ගියාට ඊට පස්සෙ වස්තුව මත බලයේ දිශාව වෙනස් වෙනවා. මොකද දැන් කේන්ද්‍රය තියෙන පැත්ත වෙනස් වෙන නිසා. ඔය විදිහට ඒ වස්තුව අනිත් පැත්තට යනකොට වේගය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙනව. පැති දෙකේම අරයනි සමාන නිසත් ශක්තිය හානි වීම නිසාත් ඉස්සෙල්ලා ආපු දුර තරම් යන්න අමාරුයි. ඒක නිසා කබොල ලගටම ඇවිත් නතර වෙනව. ඒත් ඉතිං නතර වෙන්නෙ ම නෑ. බලයේ දිශාව කේන්ද්‍රය දෙසට නිසා ආයෙත් කේන්ද්‍රය පැත්තට ත්වරණයෙන් යනවා. කොහොම හරි ඉතිං මේක උඩට පහලට යනවා කවදාවත් කුහරයේ එක පැත්තකට යන්න වෙන්නේ නෑ. ඕකට තමා සරල අනුවර්තී චලනය කියන්නෙ. එහෙට මෙහෙට වැනි වැනි තමා ඉන්න වෙන්නෙ. ආතල් නේ.
ලෝකෙ මැද්දෙන් හිලක් විදලා එහා පැත්තට යන්න ගියොත් ඔන්න ඕක තමයි වෙන්නේ.

මේ  සම්බන්ධ Films පහත වේ.

The Core movie

පෝස්ට් එක ගැන ඔබේ අදහස මා අගයකරන්නෙමි.

මම Ranga Roxx (2018/01/02)

ඔබත් කැමතිද අපත් එක්ක එකතු වෙන්න. මේ වගේ ලිපි ලියන්න. මෙතනින් එකතු වෙන්න

ඩුබායි ගියා වගේ දැනෙන්න. මේ ලිපිය කියවන්න