ඩුබායි යන්න ඉන්න අයයි ඩුබායි ගිහින් නැති අයයි දෙගොල්ලොන්ටම මේ ලිපිය ලියන්නේ ගියාවාගේ දැනෙන්න. කට්ටියව ඩුබායි එක්කන් යන්න කලින් කියන්න ඕන වැදගත් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි (සමහර අය දන්නවත් ඇති ) ඩුබායි වලට දැන් on arrival visa දෙන්නේ නෑ . එකියනේ එහෙ ගුවන්තොටුපලින් බස්සගමන් visa  ලැබෙන්නේ නෑ. Singaporeවගේ රටවලනම් තාමත් එම ලැබෙනවා. තව ඒ වගේ දන්න රටවල් තියෙනවනම් පහලින් comment එකක් දාන්න කියවන අනිත් අයටත් දැනගන්නත් එක්ක..

දෙවෙනි කාරණේ තමයි කොහෙහරි යන්න tickets book කරනවනම් online වැඩේ කරන එකතම හොඳම. මොකද airlines වල online booking වලදී ඔක්කොම discountටික හම්බෙලා අඩුම price ticket එකතමා ලැබෙන්නේ. මේ කාරනා දෙකේ උදව්වක් ඇති කියා හිතනවා.

දන් කට්ටියවත් එක්කරගෙන යන්නේ ඩුබායි වලට. අපි ගියේ emirates ගුවන් සේවයේ ( promoting කිරීමක් නොවේ හොදේ.. මොකද අඩුවටම tickets ලැබුනේ එකේ තමා ) . කොම උනත් කෑම නම් එච්චර හොඳ නෑ . Sri lankan එකේ මිටවඩා හොඳ කෑම එකක් ලැබෙනවා සියටදාහක් sure (මේකත් promoting නෙමේ හොඳේ ) කොමහරි අපි පාන්දර තමා ඩුබායි airport එකට ගොඩ බැස්සේ.. මගේ අම්මේ එකේ විසාලේ.. කියල වැඩක් නෑ  airport එකනම් මාර විසාලයි. sight seeing  tour  එකේදී දැන ගත්තේ ඩුබායි airport එක වසරකට මිලියන 100ක සංචාරකයන් පිරිසකට පහසුකම් දෙන්න ලැස්ති බව.. හිතාගන්නකෝ ඉතීම් size එක.. හිතාගන්න ලේසි වෙන්නත් එක්ක photos ටිකක් දාන්නම්

This slideshow requires JavaScript.

පේනවනේ වහලේ එහෙම size එක. airport එක කොච්චර ලොකුද කියනාවනන්.. arrival ටෙර්මිනල්ස් 3ක් තියෙනවා. එකේ A එකේ ඉදන් B එකට 10min  ඇවිදින්න ඕනේ.. B එකේ ඉදන් C එකට 20min කෝච්චියේ යන්න ඕනේ (metro system )

කොමහරි අපි airport එකෙන් එලියට එද්දී උදෙවෙලා..මේ තියෙනේ hotel  එකට යනගමන් ගහපු town එකේ photos ටිකක්. ප්‍රධානව අපි ගියේ   sheikh Zayed Road කියන highway එකේ. මේතියෙන්නේ යනගමන ගත්ත town පාර දෙපැත්තේ ෆොටෝස් ටිකක්.. ඒ photos  අතරේ burj kalifha එකේ (ලෝකේ උසම ගොඩනැගිල්ල ) ෆොටෝ එකකුත් තියෙනවා. burj kalifha ගැන පස්සේ පොස්ට් එකකින් කියන්නම් ( ඔක්කොම රහ එකපාර ඕනේ නැනේ )

This slideshow requires JavaScript.

අපියන්නේ Atana කියන hotel එකට ( hotel එක බූක් කලේ අන්තර්ජාලය හරහා – මෙතනින් පිවිසෙන්න ) අපේ වාසනවට 12ට ලැබෙන්න තිබ්බ room එක උදේම ලබෙන්ව.. පාන්දර මෙහෙට ආපු නිසා උදේ කෑම  කන්නේ මෙහෙ.. ඊටපස්සේ අපි යන්නේ Miracle Garden එකට

  1. Miracle Garden (විස්මිත ගෙවත්ත ) 

Miracle Gardenඑක නමේ අර්ථයෙන්ම මහා විස්මිත දෙයක්. බලන බලන හැමතැනම මල් තමා ඉතින්. Miracle Garden එකේ ඉතිහාසය ගැනනම් එච්චර දන්නේ නෑ ඉතීම් . ඕන කරන විස්තර Wikipedia එකෙන් හොයාගන්න පුළුවන්. ඉතිහාසය කියන්න නෙමේනේ මම ඉන්නේ.. ඔයාලට ඩුබායි වල miracle garden එක පෙන්නන්නනේ IMG_20171221_111813.jpg

මේ තියෙන්නේ පිවිසුම..

දැන්ඉතින් මල් තමා හරිය.. ඇතුලට ගියපු වෙලේ ඉදන් එහෙ බැලුවත් මල් , මෙහෙ බැලුවත් මල් , කොටින්ම උඩ  බැලුවත් මල් තමා.. කිව්වට වැඩක් නෑ  දකින්නම එපැයි. මෙන්න බලාගන්න , විස්මිත ගෙවත්ත

මේ වගේ ඔබ ගිය ස්ථාන ගැනත් ලිපි ලියන්න.. ලෝකෙටම කියන්න කැමතිද ? අපට කියන්න 

එක එක අනුරු මල්වලින් නිර්මාණය කරලා තියෙනවා. පොඩ්ඩක් හොදට බැලුවම පේනවා මේකේ මල්වර්ග ගොඩක් නෑ  පොඩ්ඩයි තියෙන්නේ කියලා . සරලව කිව්වොත් මල් වරග කිහිපයක එක එක පාට මල් වලින් තමා මේ ඔක්කොම ජිල්මර්ට් ටික දාල තියෙන්නේ..අපේ රටේ මෙච්චර මල් මල්වර්ග තිබිලත් අපිට මේ වැඩේ බැනේ

This slideshow requires JavaScript.

Miracle Garden එකේ තියෙන වැදගත්ම අංගයක් තමා පහලින් පෙන්න තියෙන plane එකේ අනුරුව, සම්පුර්නෙන්ම මල් වලින් තමා හදල තියෙන්නේ.. කොටින්ම කියනවනම් මේ හදල තියෙන Airbus 380 plane එකේ අනුරුවට ගිනස් වාර්තාවකුත් තියෙනවා..Emirate  ගුවන් සේවයේ ගුවන් යානාවක් තමා මේ විදිහට හදල තියෙන්නේ

IMG_20171221_115016.jpg

miracle garden එක ඔන්න ඔයවගේ තැනක්..

මේදේ ලස්සනයි කියල හිතෙනවනම් යාලුවන්ටත් පෙන්න share කරන්න.. අපේ page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. විස්මිත ගෙවත්තෙන් පස්සේ අපි ගියේ Desert safari එකට.. හිහි මේකනම් කොල්ලන්ටම ලැබෙන නියම අත්දැකීමක්

2. Desert safari ( කාන්තාර සවාරිය ) 

This slideshow requires JavaScript.

ඩුබායි වලට ඇවිත් කාන්තාරෙට ගියේ නැත්තන් වැඩක් නැනේ.. හිහි කෝම උනත් map එක බලුවම් තේරෙන්නේ ඩුබායි නගරය මුදට ආසන්නව තමා තියෙන්නේ පොඩ්ඩක් ඇතුලට යන්න යන්න කාන්තාර ගතිය හොඳටම වැඩි වෙනවා.Desert සෆාරි එක අමුතුම අත්දැකීමක්… සරලව කිව්වොත් මෙම දෙයක් වෙන්නේ ඩුබායි වල තියෙන සංචාරක සමාගම් කිහිපයක් වාහන දාල තමා මේක කරන්නේ.. අපේ තිබ්බේ Atlantis Group කියල කට්ටියක්. ඩුබායි නගරේ ඉදන් කාන්තාරේ වෙනකන් වාහන වල ( Land Cruiser ) කට්ටිය යනවා. ගිහින් කාන්තාරේ ( ඒගොල්ලෝ වෙන් කරගත්ත ඉඩමක මම හිතන්නේ ) වාහන වලින් පොඩි පොඩි සෙල්ලම් ටිකක් දානවා.  සෙල්ලම් ටික දාන්න කලින් වාහනේ රෝද වල හුලන් පොඩ්ඩක් අඩු කරනවා.. එක කරන්නේ ඇයි කියල දන්නා  ඉන්නවනම් කමෙන්ට්  එකක් දල අනිත් අයටත්  දෙන්න. බලලා ඉන්නකෝ එක

පේනවනේ ඉතීම් ලේසි සෙල්ලමක් නෙමේ… හම්බවෙන driver අනුව ආතල් එක තවත් වැඩි..කොම උනත් ගමන ලේසි එකක් නෙමේ.  මෙම ගමනක් යනවා විනාඩි 15ක් විතර ඊට පස්සේ එතනින් ඒ ගමන ඉවර වෙනවා.. ඊලගට මේගොල්ලෝ කාන්තාරේ ඒගොල්ලන්ගේ camp එකකට එක්කයනවා හවස්වරව ගත කරන්න තියෙන්නේ මෙතන.. බිම වර්ග ඔක්කොම free.. ඊට අමතරව නොමිලේ පැණිරස කෑම  , tattoosගහන්න වගේ chances tynw. liquor අරුනු කොට අනිත් ඔක්කොම වගේ එතන free.. කාන්තාරේ ඉදන් හවස ඉර බහින විදිහ බලන්න එතන ඉදන් පුළුවන්..මේ තියෙන්නේ ඒ camp එකයි

This slideshow requires JavaScript.

මේ camp එකේ හවසට මැද පෙන වේදිකාවේ අරාබි සංස්කෘතිය හා සම්බන්ද නර්තන්නාංග තියෙනව. ඒ අත්දැකීම ඔයලට ලබගන්න ඒ video දෙකකුත් දැම්ම මම

ඉතින් පලවෙනි දවස මේ විදිහට ඉවර වෙනවා.. දෙවෙනි දවසේ යන්නේ Mall of emirates එකටයි , Beach එකටයි Dinner Cruise එකෙයි.. මාත් එක්ක ඒටික යන්න ලෑස්තිවෙලා ඉන්න.. ළඟදීම දවසක ඒ පොස්ට් එකත් දාන්නම්..

මේක හොඳයි , රසවත් කියල හිතුනනම් share කරන්න , අපේ facebook  page එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා. එතකන් ඊළඟ පොස්ට් එකෙන් හම්බෙනකම් ගුඩ් නයිට්

මේ වගේ ඔබ ගිය ස්ථාන ගැනත් ලිපි ලියන්න.. ලෝකෙටම කියන්න කැමතිද ? අපට කියන්න