හොදයි guys අද අපෙ අලුත් website එකෙ පලවෙනි post එක. ඉතින් මෙක ලියන්නෙ මොනවා ගැනද කියල හිත හිත ඉද්දි post එකක් හම්බුනා.. එක මුල් කරගෙන තමා මෙ post එක ලියල තියෙන්නෙ..පොඩි වෙනස් කම් ටිකක් සිදුකරලා තියෙනවා . අද අපි කතා කරන්න යන්නෙ ලොකෙ වැඩිම වත්කමක් තියෙන පොඩ්ඩ ගැන කතා කරන්න.. ඔව් ඔව් කියෙව්වා හරි පොඩ්ඩො ගැන කත කරන්න
ලොකෙ පොසත්ම පොඩ්ඩො list එක අපි හැදුවා. ඉතින් වැඩි වෙලා ගන්නෙ නැතුව එක කියවල බලල ඉම්මු.
10.Jaylen Bledsoe
List එකෙ ඉන්න පලවෙනියා උත්සහයෙන් දියුණු වෙච්ච කෙනෙක්.. ඔව් විස්වාස නැද්ද ? වයස අවුරුදු 13දී ඔහු පටන් ගන්න Bledsoe technologies company එකතමා ඔහුව ලොව පොසත්ම පොඩ්ඩො ගොඩට එක් කරන්නෙ.
- Rico Rodriguez
අහලත් ඇති නම ඔවත්, මම වගෙ tv series පිස්සෙක් නම්.ලෝකය පුරා ජනප්‍රිය වෙච්ච Modern Family ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රගපෑවෙ.
- Elle Fanning
ජනප්‍රිය නිලියක් වෙච්ච Dakota Fanningගෙ සොයුරියයි. I Am Sam හි Dakota රගපෑ චරිතයෙ කුඩා කාලය රගපාමින් elle ටෙලි වෙදිකාවට පැමිනියෙ.
7. Jaden Smith
හා හා මෙයාවනම් නොදන්න කෙනෙක් නෑ.Karate kid හොල්ලපු චරිතෙ. ජනප්‍රිය නලු will smithගෙ පුතා jaden smith. Pursuit of happiness , After World , Karate kid වැනි film වලට ඔහු රංගන දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව සංගීත ක්ශෙත්‍රයෙ මෙන්ම විලාසිතා ක්ශෙත්‍රයෙ ඔහු ඉදිරියෙන් සිටිනවා.
6. Abigail Breslin
කුඩා වෙළද ප්‍රචාරණ දැන්වීම් වල පෙනීසිටින මැය මුලින්ම ප්‍රධාන චරිතයක් රගපාන්නේ mel gibson සමග Signs නාට්‍යයේ. ඇයගේ ජනප්‍රියතාවයට මුල්වෙන්නේ Little Miss Sunshine ,Zombieland වැනි නාට්‍ය මාලායි. Little Miss Sunshine නාට්‍ය මාලාව ඇයව Academy awards සදහාත් නිර්දේශ කරනවා.
5. Valentina Paloma Pinault
නිලි Salma Hayek හා ව්‍යාපාරික Francois Henri Pinaultගේ දියණියයි. ඇයගේ වත්කම $12million ලෙස දැක්වුවද එය නිශ්චිතව ඉදිරිපත් කර නොමැත. $12 million ලෙස ඇත්තේ අගේ නමට ඇති නිවසේ වටිනාමයි.
4. Nick D’aloisio
විශාල නළු නිලි පිරිසකගෙන් පස්සේ අපහු අපි එන්නේ උත්සාහයෙන් පෝසත් ගොඩට වැටිච්ච කොල්ලෙක් ගැන කියන්න. ඔහු විසින් නිර්මාණය කරනු ලබන Summly මෘදුකාංගය නිසා තමා ඔහු මේ list එකේ ඉන්නේ. ඒ මෘදුකාංගය කරන්නේ ලිපියක් ලබාදුන්විට එය සාරාංශ කර කියන්නාට පහසු වෙන ආකාරයේ කෙටි ලිපියක් ලබාදිමයි. 2012දී apple සමගම Summly මෘදුකාංගය ලොව හොඳම මෘදුකාංගය ලෙස නම් කිරීම ඔහුගේ සර්තකත්වයට් විශාල ලෙස උපකාරී වෙනවා
3.Dannielynn Hope Marshall Birkhead
මියගිය Anna Smith නිළියගේ දියණියයි. Annaගේ මියයාමත් සමග ඇයට $10million හිමිකාරිත්වයක් ලැබෙන අතර පසුව නීති මාර්ගයෙන්ද $ 49million වත්කමක් ඇය සතු වෙනවා
2. Knox & Vivienne Jolie Pitt
අති ජනප්‍රිය නිලි Angelina Jolie සහ නළු Brad Pittගේ නිවුන් දරුවන් දෙදෙනායි. Angelina හා Brad හට තවත් දරුවන් කිහිප දෙනෙක් සිටියත් ඒ සියලු දෙන අතරින් ආර්ථික ලෙස ශක්තිමත්ම මෙම නිවුන් සහෝදරියන් දෙදෙනයි.
1.Prince George Alexander Louis & Princess Charlotte of Cambridge
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සිගිත්තන් දෙදෙනා තාමා මේ list එකේ උඩින්ම ඉන්නේ. ජෝර්ජ් කුමරුන්ටත් වැඩ මහජන ආකර්ෂණ වැඩි චාලට් කුමරිය පොහොසත්ම පොඩ්ඩා බවට පත් වෙනවා .මුළු රාජකීය පවුලට ඩොලර් බිලියන 87 ක ඒකාබද්ධ ශුද්ධ වටිනාකම ඇති අතර කුඩා ජෝර්ජ් කුමරුගේ වටිනාකම බිලියන තුනකට අධිකය. ඒත් චාලට් කුමරියගේ වටිනාකම බිලියන පහකට අධික බව සදහන වෙනවා.
මේ තමා ලෝකේ ඉන්න පෝසත්ම පොඩ්ඩො set එක. තවත් අපුරු ලියකියකින් හෙටත් හමුවෙමු..
මෙම ලිපිය සදහා මුලාශ්‍ර ලබාගෙන ඇත්තේ – here